ආන්ඩුවට සහය දෙන්න ඉඩම් අක්කර දෙසීයක් සහ තවත් ප්‍රතිලාභ ඉල්ලයි
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉඩම් අක්කර දෙසීයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බව විකල්ප පුවත්පතක් වාර්තා කරයි.
එම අක්කර දෙසීය නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටින මෙම මන්ත්‍රීවරයා පසුගිය වැට් බදු සංශෝධන කෙටුම්පතට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින බවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පවසා ඇතැයි ද සඳහන්ය.
මෙම මන්ත්‍රීවරයාට ජනාධිපති කාර්යයෙන් වාහන තුනක් ද ලබාදී ඇති බවත් කියැවේ.
එසේ ආණ්ඩුවෙන් ලාභ ප්‍රයෝජන ලබමින් ඡන්දය දීමෙන් වැළකී සිටීම පිළිබඳව මන්ත්‍රීවරයා සමග තවත් මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී ඔහු සමග ගැටුමක් ඇතිකරගෙන ඇති බවද වාර්තාව තවදුරටත් කියයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

