Latestදේශීය

වෛද්‍ය සමන් රත්නායක‌ගේ කාර්යාලය CID පරීක්ෂණයට

(රංජන් කස්තුරි)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු  පැය පහක පමණ කාලයක් විශේෂ පරීක්‍ෂාවකට ලක් කළහ.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ පෙරවරු 10 සිට පැය පහක පමණ කාලයක් එම කාර්යාලය සෝදිසි කළ අතර, අතිරේක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවද, සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.

ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගයකට අනුව සමන් රත්නායක මහතාගේ කාර්යාලය සෝදිසි කර ඇත.

මේ අතර, එම කාර්යාලය මුද්‍රා තැබීමටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *