Latestදේශීය

උසස් පෙල විභාගය ජනවාරි 04

2023 (2024) – අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව මධ්‍යස්ථාන 2298කදී උසස් පෙළ විභාගයපැවැත්වීමට නියමිතව තිබේ.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් අයදුම්පතෙහි සඳහන් කර තිබු ලිපිනයට මේ වනවිට තැපැල් මගින් යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ වනතෙක් විභාග ප්‍රවේශ පත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් ප්‍රධානීන් වෙතද පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ අයදුම්කරු වෙතද බාගත කිරීමේ අවස්ථාව මේ වන විට ලබාදී ඇත. ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk භාවිතා කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *