Latestදේශීය

කාටත් නොකියා බැසිල්, බන්දුල රට ගියේ ඇයි?

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන සහ බැසිල් රාජපක්ෂ තම සමීපතමයින්ට පවා හොර රහසේ විදේශගත වී ඇතී බව වාර්තා වේ.

ඇමති බන්දුල ගුණවර්ධන විදේශගතව ඇති බව කැබිනට් ඇමතිවරු පවා දැනගෙන තිබෙන්නේ එම අමාත්‍යාංශයේ වැඩ බලන ඇමති ලෙස ශාන්ත බණ්ඩාර පත් කර ඇති බව දැනගැනීමෙන් පසුව බව අනාවරණය වේ. (18) ජනාධිපතිගේ මූලිකත්වයෙන් කැබිනට් රැස්වීම පවත්වා තිබිණි. එම රැස්වීමට බණ්දුල ගුණවර්ධන සහභාගී වූවාද යන්න හෙළි වී නැත.

මේ අතර පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක ධුරය අහිමි වූ බැසිල් රාජපක්ෂද පවුලේ සාමාජිකයින් සමග ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වේ. මෙම දෙදෙනාම සමගාමී ලෙස රටින් බැහැරවීම පිළිබඳව දේශපාලන නිරීක්ෂකයන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *