තුවක්කුවක් පත්තුවෙයි – 15 හැවිරිදි දරුවෙක් අනතුරට
ඊයේ (19) රාත්‍රියේ වරකාපොළ, අල්ගම ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වීමෙන් 15 හැවිරිදි දරුවෙකු තුවාල ලබා තිබේ.
එසේ තුවාල ලබා ඇත්තේ, වරකාපොළ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් බවයි පොලීසිය පැවසුවේ.
බඳින තුවක්කුව අටවන ලද පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර තුවක්කුව ද පොලිස් භාරයට ගෙන ඇත.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

