Latestදේශීය

මන්ඩලේ කචල් – එජාප රැස්වීම ගාලගෝට්ටියක් වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ඉහළම බල අධිකාරිය ලෙස පත් කර තිබෙන කලමනාකරන මණ්ඩලය බරපතළ බෙදීමකට ලක්වී ඇති බව සති අන්තයේ පුවත්පත් වාර්තා කර තිබේ.

මෙම බෙදීමට මුල් වී තිබෙන්නේ රවී කරුණානායක පක්ෂයේ මහා ලේකම් තනතුර හෝ නියෝජ්‍ය නායක තනතුර ඉල්ලා සිටීම නිසා බව එම වාර්තාවල දැක්වේ. රවී කරුණානායකට එරෙහි කඳවුරේ ප්‍රබලයන් අතර සාගල රත්නායක, වජිර අබේවර්ධන, පාලිත රංගේබණ්ඩාර යන අය සිටින අතර රවී කරුණානායක වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සිටින බව එම වාර්තාවල සඳහන් කර ඇත. විශේෂයෙන් ම ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ කලමනාකරණ රැස්වීම මහා ගාලගෝට්ටියක් වූ බව ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *