Latestදේශීය

හෝමාගම සමෘද්ධි බැංකුව .

හෝමාගම පිටිපන ගබඩාවත්ත සමෘද්ධි බැංකුව කොල්ලකා තිබේ.

ඊයේ (19) සවස ගිනිඅවියක් සමග ඊට ඇතුලුවූ කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් සේවකයින් බියවද්දා එහි තිබූ රුපියල් ලක්ෂ 07කට ආසන්න මුදලක් රැගෙන පළාගොස් ඇත.

හෝමාගම මූලස්ථාන පොලීසිය පැවසුවේ කොල්ලකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බවය.

යතුරුපැදි හිස් ආවරණ පැළඳ මුව ආවරණ ද පැළඳ සිට ඇති කොල්ලකරුවන් එකවරම බැංකුව තුළට කඩාවැදී තිබේ.

ඒ අවස්ථාවේ බැංකුව තුළ පුද්ගලයින් 08 දෙනෙකු සේවය කරමින් සිට තිබූ බවත් පොලීසිය පැවසීය. 

කොල්ලකරුවන් තලගල දෙසට පළාගොස් ඇති බවද පැවසෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *