Latestදේශීය

නිර්පාක්ෂික අපේක්ෂක රනිල්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිත රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා නාධිපතිවරණය සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

කොළඹදී මාධ්‍ය වෙතට අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

‘රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික දේශපාලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම අනිවාර්යෙන්ම වෙනවා. සියලු පක්ෂවල එකතුවක් වශයෙන් තමා මේක කරන්නේ. නොයෙක් අය තරග කරන්න කැමතියි. නමුත් අමාරු අවස්ථාවක රටක අරාජිකත්වයට නායකත්වය දෙන එවැනි ස්වරූප තියෙන පුද්ගලයින් බොහෝම සීමිතයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *