Latestවිදේශීය

චෙක් විශ්ව විද්‍යාලයක වෙඩිතැබීමකින් 14දෙනෙක් මියයයි

චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර විශ්වවිද්‍යාලයක් තුළ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එයින් තවත් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

මෙම වෙඩිතැබීම සිදුකළ බවට සැකකරන 24 හැවිරිදි පුද්ගලයා ද පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්ව ඇත.
ප්‍රාග් නගරයේ කෑළෑබඳ ප්‍රදේශයක පසුගිය සතියේ පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියට ද මෙම වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සම්බන්ධ බවට පොලීසිය පවසයි.
එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ගොඩනැගිල්ලක් තුළ දී මෙම වෙඩිතැබීම සිදුවී ඇති අතර ඇතැම් පුද්ගලයන් ඉන් බේරීම සඳහා ගොඩනැගිල්ලෙන් පිටතට පනින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *