ටිරාන් අලස් සිරිල් ගාමිණී පියතුමා ගැන කියන කතාව
අගරදගුරු නිල නිවසේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් විසින් පසුගිය දිනෙක ධාවනය කරන මෝටර් රථයක් යතුරු පැදියක හැපී අනතුරක් සිදුව ඇත.
එහිදී එම තුවාලකරු රෝහල් ගත කර සිරිල් ගාමිණි පියතුමා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
එම අවස්ථාවේ දී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ සමීපතමයෙකු එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අමතා උදව් ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක ඇමතී ටිරාන් අලස් මහතා සඳහන් කරයි.
අනතුරුව පොලිස් විමර්ශනයෙන් පසු සිරිල් ගාමිණී පියතුමාට ඇප ලැබී ඇති අතර පසුදා උදෑසන සිරිල් ගාමිණී පියතුමා දේශබන්දු තෙන්නකෝන් මහතා අමතා ස්තුතිය පළ කර ඇති බව ද ඇමතිවරයා පැවසීය.
තමන්ට ප්‍රශ්න ඇතිවූ අවස්ථාවල මේ ආකාරයෙන් හැසිරෙන අය පසුව තමන් කිසිම අවස්ථාවක පොලිසියට කතා නොකළ අයුරින් හැසිරෙන බවද ඔහු පෙන්වා දෙයි.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

