පාසල් නිවාඩුව අද සිට
රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන වසරේ පෙබරවාරි මස 01 වනදා ආරම්භ වන බවද එම අමාත්‍යංශය පැවසීය.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් මෙම දීර්ඝ පාසල් නිවාඩුව හිමිවෙයි.
උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 4 වනදා සිට 31 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,298කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

