Latestදේශීය

ණය ගන්න දක්ෂ රනිල් පුම්බන මාධ්‍ය මෙහෙයුම

පසුගිය සතිය තුළ ඩොලර් මිලියන 787ක ණය මුදලක් විදේශ ආයතන කිහිපයකින් ලබා ගැනීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අප්‍රතිහත කැපවීමක ප්‍රතිඵලයක් බව කියමින් උදම් ඇනීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දෙන අතර පෞද්ගලික මාධ්‍යයද සැලකිය යුතු ප්‍රචාරයක් ලබා දෙමින් සිටී. එහිදී කරුණු විකෘති කිරීම් සහ ව්‍යාජ තොරතුරුද ඇතුළත් කර ඇති බව අනාවරණය වී ඇත. මහ භාණ්ඩාගාරය තුළ රුපියල් හෝ නොමැති අවස්ථාවක රජය බාරගෙන ඩොලර් බිලියන 04ක සංචිතයක් සහිත භාණ්ඩාගාරයක් බවට පරිවර්තනය කළේ යැයි ප්‍රචාරය කර තිබේ.

එහෙත් මෙහිදී භාණ්ඩාගාරයේ මුදල් සහ විදේශ සංචිතවලට විකෘති අර්ථකථන දී ඇත. ගත වූ කාලය තුළ විදේශ ණය ගෙවීම අත්හිටවීම නිසා විදේශ සංචිතවල යම් ප්‍රගතියක් සිදු වී ඇති බව වසර මැද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.

මේ අතර ඉකුත් සතියේ ඩොලර් මිලියන 337ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ද ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් සහ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් වශයෙන් සතියක් තුළ අති විශාල විදේශීය ණය ප්‍රමාණයක් ලබා ගත් බවට උදම් ඇනීම් දියත් කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *