මහනුවර කොරෝනා මරණයක්
(ෂේන් සෙනෙවිරත්න)
හුස්ම ගැනීමට අපහසු තත්ත්වයෙන් සහ පෙනහළු ආසාදිත තත්ත්වයකින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති බවත් ඔහුගේ මරණයෙන් පසු සිදු කළ පී.සීආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවට මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි .
එසේ මියගොස් ඇත්තේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි .
කොවිඩ් වසංගතය හමාරවීමෙන් දිගු කාලයකට පසු මෙම මරණය වාර්තා වීම විශේෂ සිදුවීමකි .
මේ වන විට රට තුළ ඔමික්‍රෝන් ජේ.ඒ 1වයිරසය පැතිර යමින් තිබෙන බවට වෛද්‍ය ජීවන්දර මහතා තහවුරු කරයි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

