Latestදේශීය

ජනාධිපතිවරණයට නාමල් ද? බැසිල් ද? දෙන්නම ද?

නාමල් රාජපක්ෂ මහතා සමග පසුගියදා පසුපෙල මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුනේ මලලසේකර මාවතේ ඒ මහතාගේ නිවසේදීය.

ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කල මාධ්‍ය කිහිපයක පලවී තිබිණි.

ඇයි ධම්මික පෙරේරා ඉල්ලන්නෙ ඔබතුමාට ඉල්ලන්න පුළුවන්නෙ ජනාධිපතිවරණයට නාමල්ගෙන් එක් මන්ත‍්‍රීවරයෙක් ඇසීය.

‘ඉස්සෙල්ලා අපි පක්ෂය හදාගන්න ඕනෙ. පක්ෂය කිවුවොත් එහෙම ජනාධිපතිවරනයට නෙවෙයි ඕනෙම මැතිවරණයකට එන්න සූදානම්. මොකද මම අභියෝග බාර ගන්න කෙනෙක්. හැබැයි අපි මුලින්ම බලන්න ඕනෙ හදන එක සහ සංවිධානය කරලා මැතිවරණයකට සූදානම් කරන එක. දේශපාලන මණ්ඩලයෙන් මට දීලා තියෙන වගකීම පක්ෂය හදන එක’ නාමල් රාජපක්‍ෂ මහතා ඊය පිලිතුරු ලෙස පැවසීය.

‘ගොඩක් දෙනෙක් ගම්වලට ගියාම අහනවා කවුද ජනාධිපති අපේෂකයා කියලා පක්ෂ සම්මේලනයෙන් පස්සෙ ගොඩක් පාක්ෂිකයින් ආපහු පණක් ලබලා ඉන්නෙ’ තවත් රාජ්‍ය ඇමතිවරයකු පැවසීය.

‘ඔව් අපෙන් ඡන්දෙ ඉල්ලන්න විශේෂයෙන්ම ජනාධිපතිවරණයකට අපේෂකත්වය ගන්න හතර දෙනෙක් ඉන්නවා. මමයි, බැසිල් රාජපක්ෂ ඉල්ලන්න තීන්දු කලොත් අපේක්ෂක එතනම හයදෙනෙක් ඉන්නවා නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

‘ඔව් එහෙම තරගයක් ඇතිවෙන එක හොදයි’ මන්ත්‍රීවරයකු එම කතාව අනුමත කලේය.

මෙම රැස්වීමේදී ජනවාරි සිට පොහොට්ටුව ජනතාව අතරට ගෙන යෑමේ වැඩ පිලිවෙලක් සංවිධානය කිරීමට කතිකා කරගෙන තිබිණි.

– Repoter


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *