තෝරු මෝරුත් අල්ලන්න පටන් ගන්නවා – දේශබන්දු තෙන්නකෝන්
යුක්තිය පොලිස් මෙහෙයුම ළඟදීම මත්ද්‍රව්‍ය ජාලයේ සිටින තෝරු මෝරු සොයාඑන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ එවිට සමාජයේ දැන් මතුවී තිබෙන චෝදනාවලට ද පිළිතුරු ලැබෙනු ඇති බවය.
“දැන් සමාජයේ තියෙන කතාවක් තමයි කුඩු ජාවාරම්කාරයෝ අල්ලනවා කිව්වට හාල්මැස්සෝ තමයි අල්ලන්නේ කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. කුඩු අල්ලන්න පොලීසිය පාරට බැස්සාම පාරේ ඉන්නවා කුඩු ගහන්න ලෑස්තිවෙලා ඉන්න මිනිස්සු කුඩුත් අතේ තියාගෙන. ඉතින් ඒ මිනිස්සු දැක්කාම අහක බලන් යන්න බැහැ පොලීසියට.”
“අනික අපි අල්ලපු 293දෙනා කියන්නේ හාල්මැස්සෝ නෙමෙයි. හාල්මැස්සයි තෝරා මෝරයි අතර එකෙක් ඉන්න පුළුවන්. මැද ඉන්න මාළු ටික අල්ලගත්තාට පස්සේ අපි හොයාගන්න පුළුවන් කවුද තෝරු මෝරු කියලා.. මේ රටට කුඩු ගේන. එතනටත් අපි අත තියන දවස වැඩි ඈතක නැහැ.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

