බෙත්ලෙහෙමේ නත්තල නැත
ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල් ප්‍රහාරවලට විරෝධය දක්වා, කතෝලිකයින් අතර අතිශය පූජනීය නගරයක් වන බෙත්ලෙහෙමේ වෙනදා පවත්වන නත්තල් සැමරුම් මෙවර අත්හිටුවා තිබේ.
බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීනයේ නගරයක් ලෙසය.
වෙනදා ප්‍රධාන වශයෙන් සාම්ප්‍රදායිකව නගරය තුළ අතිඋත්කර්ෂවත්ව නත්තල සැමරුම් පැවැත්වේ. එහෙත් මේ වනවිට ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් ඔවුන් මෙවර නත්තල් සැමරුම් අත්හිටුවා තිබේ.
මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම සිදු නොවන්නේ පළමු වරට වන අතර නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

