Latestදේශීය

ඩෙංගු නිසා යාපනය ජනජීවිතය දැඩි අවධානමක

යාපනය දිස්ත්‍රීක්කයේ ඩෙංගු උවදුර සීග්‍රයෙන් වැඩිවීමත් සමග ඩෙංගු උණ වැළදී සිටි මාස 11 දරුවෙකු ඊයේ (25) දිනයේ දී සහ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.

යාපනය රෝහල් ආරංචි මාර්ග පැවසූවේ යාපනය,තාවඩි ප්රෙදේශයේ පදිංචි මාස 11 ක් වයසැති මදුරන් කිරුතිෂ් නමැති පිරිමි දරුවෙකු එලෙස ඊයේ දින ජිවිතක්ෂයට පත්ව ඇති අතර යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳා එලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

ඒමෙන්ම ඩෙංගු උණ වැළදී යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය විශ්ව විද්‍යාලයේ කළා පීඨයේ අධ්‍යාපනය ලද ගුණරත්නම් සුබීන් නමැති සිසුවියක්  24 වැනිදා ජිවිතක්ෂයට පත්විණ.

මියගිය විශ්ව විද්යාලීය සිසුවියගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු ඊයේ(25) යාපනය තෙලිප්පලෙයි පිහිටි ඇයගේ නිවසේදි සිදුකෙරිණ.

මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ හිස් ඔසවා ඇති ඩෙංගු අවධානම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාතේ සෞඛ්‍ය නිලධාරීන් සමග පැවත්විණි.

ඒහිදී අනාවරනය වූවේ මේ වසරේදී උතුරු පලාතේ ඩෙංගු හේතුවෙන් මරණ 5 ක් වාර්ථා වී ඇති අතර රෝගීන් 2200 කට වැඩි ප්‍රමාණයක් සිටින අතරම 90% ක්ම වාර්ථා වී ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයෙන් බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *