ශිරන්තිට දුන් CID සහය කෙහෙළියට
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගේ නිවසට ගොස් ඇතයි වාර්තාවේ.
මේ වනවිට එම නිලධාරීන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවද වාර්තා වේ.
මීට පෙර මේ ආකාරයට, විමර්ශන ආයතනය වෙත නොකැඳවා විමර්ශන නිලධාරීන් පිරිසක් නිවසකට ගොස් කට උත්තර ලබා ගැනීමේ සිද්ධියක් මෑතක වාර්තා වූයේ පසුගිය 2015 – 2019 මෛත්‍රී+රනිල් පාලන සමයේදී වන අතර ඒ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගෙනි. ඒ ිරිලිය සවිය වංචා දූෂණ සම්බන්ධයෙනි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

