Latestදේශීය

සිරිපා සමය ඇරඹේ

(සසංක ගිම්හාන)

උදුවප් පොහොය අදයි උදුවප් පොහොය වසරේ අවසන් පොහෝ දිනයයි. ලංකාවාසී සැදැහැවත් බෞද්ධයන්ගේ පහන් සිත් දල්වාලූ උදුවප් පොහෝ දිනය ආගමික වශයෙන් වටිනාකම් රැසක් මෙරටට දායාද කළ දිනයකි.

ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රැගෙන මෙරටට වැඩම කළ සංඝමිත්තා මහ තෙරණිය කහවන් හැඳ දසසිල් සමාදන් වී සිටි අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් සසුන් ගත කරවමින් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කළේ අද වන් පොහෝ දිනකය.

ඒ මිහිදු මාහිමියන්ගේ මූලිකත්වයෙනි. එසේම සුමනසමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේලා සමගින් සමනල කන්දට වැඩම කළේ අද වන් පොහෝ දිනයක වන අතර සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේද උදුවප් පොහෝ දිනයෙන්ය. එයින් ඇරඹෙන සිරිපා වාරය ලබන වෙසක් පොහොයෙන් අවසන් වෙයි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *