ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාරයෙන් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් මියයයි
ඊශ්‍රායලය විසින් සිරියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියෙකු මියගොස් තිබේ.
ඩමස්කස්හි ගිනිකොණදිගින් පිහිටි සයිඩා සෙයිනාබ් ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ සෙයිඩ් රාසි මවුසවි නැමැති ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු බව සඳහන්ය.
කෙසේවෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රාය හමුදා විසින් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව වාර්තා වේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

