වෛද්‍යවරයාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට
බේරුවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දුන් බව පැවසෙන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව බේරුවල පොලීසිය පවසයි.
සැකකාර ව්‍යාපාරිකයා, පපුවේ අමාරුවකින් අසනීපව සිටින සිය පියාව මෝටර් රථයකින් ඊයේ (25) බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන විත් තිබේ.
එහිදී පියාට අසාධ්‍ය බැවින් මෝටර් රථයට පැමිණ පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් කළ බවත්, වෛද්‍යවරයා එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණවී පහරදීම සිදුකර ඇති බව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී තහවුරුව ඇත.
පහරකෑ වෛද්‍යවරයාගේ අතට ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

