Latestදේශීය

ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව කවුද කිවුවේ?

තමන් ජනාධිපතිවරණයට තරග කරන්නේ නැති බව කිසිදු ස්ථානයක පවසා නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ නත්තල් නිවාඩුවට පෙර ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් හමුව සමග පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

තමන් තරග කරන හෝ තරග නොකරන බවට කිසිදු ප්‍රකාශයක් කර නැති බවත් බවත් පවසා ඇති ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ගොඩ ගැනීමට තව වැඩකටයුතු බොහෝ කරන්න ඇති බවත් සඳහන් කර තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ යුතුව ඇති බවත් නව ආර්ථිකයක් නිර්මාණය කළ යුතුව ඇති බවත් ඒ සඳහා කාලයක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *