Latestදේශීය

රනිල්ගේ සමීපතම මාධ්‍ය රනිල්ගේ තිත්ත ඇත්ත හෙළිකරයි

ගෝටාබය රාජපක්ෂ අත්තනෝමතික ලෙස ආරම්භ කළ චෞර කල්ලියේ බදු කපා හැරිම් ජනාධිපති රනිල් වික්‍රමසිංහද ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාම නිසා මේ වනවිට රුපියල් කෝටි දෙලක්ෂ අසූ දහසක් (රු.කෝටි 280,000), රජයට අහිමිවී ඇති බව වොෂින්ටන් නුවර සිට අශෝක ජයතුංග පෙන්වා දී තිබේ.

ඔහු සතිපතා ලියන ජනපති ඊ කෝලම මගින් මේ බව හෙළි කර ඇති අතර රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක ජාලයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරයි. ඒ අතර ඇමරිකාවේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරක්ද ඔහු ලබා දී තිබේ. පසුගිය දෙසැම්බර් 22 දින අශෝක ජයතුංග විසින් ලියන ලද එම කොලමේ මෙම දත්ත ඇතුළත් කර ඇත.

“රනිල් 2019 දී ගෝටා ට රට බාර දුන්නේ ඩො බිලි 7 . 9 ක විශාල සංචිත සමගය. එහෙත් වසරකට රු. බිලි. 700 ක් හෙවත් කෝටි 70,000 ක බදු සහන යාළුවන්ට දුන් ගෝඨා ගේ කාලයේ රට බංකොලොත් විය. එම බදු සහනය දැන් වසර 04 කදී කෝටි 2, 80,000 ක් දක්වා ඉහළ නැග තිබේ. රට ත් ජනතාවත් අනාථය. ඒ බිස්නස් යාළුවන්ට රජ මගුල්ය.” යනුවෙන් ඔහු අදාළ දත්ත ඉදිරිපත් කර තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *