Latestවිදේශීය

එකම නිවසක මරණ 5ක් – ප්‍රංශය කැලඹෙයි

ප්‍රංශයේ පැරිස් නුවර මහල් නිවාස සංකීර්ණයක තිබි එකම පවුලේ දරුවන් සිව්දෙනකු ඇතුළු පුද්ගලයින් 5දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ මවක් සහ ඇයගේ දරුවන් සිව්දෙනා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම ඝාතනයක් බවට පොලීසිය සැක පළ කරන අතර දරුවන්ගේ පියා අතුරුදන්වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මියගොස් ඇත්තේ වයස මාස 09 සිට අවුරුදු 10 දක්වා වයස්වල පසුවූ දරුවන් සිව්දෙනෙකි. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *