කාලගුණික විපර්යාසය රටවල් ගණනාවකට දරුණුවට බලපා ඇත
අධික වර්ෂාව සහ ගං වතුර හේතුවෙන් ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවලට බලපෑම් එල්ල වී තිබෙනවා.මේ වන විට දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින අතර
දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වර්ෂාපතනය තවමත් පවතිනවා.
වර්ෂාපතනය දැඩිවීම හේතුවෙන් එම රටවල ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් ජනතාවට තාවකාලික කඳවුරුවල නවාතැන් ගැනීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
මීට අමතරව ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල විදුලිය ද විසන්ධි වී ඇති අතර පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

