Latestවිදේශීය

නයිජීරියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 160ක් මියයයි

මධ්‍යම නයිජීරියාවේ ගම්මාන කිහිපයකට ත්‍රස්ත කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 160 දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාර මාලාව මධ්‍යම නයිජීරියාවේ ගම්මාන 20කට ආසන්න ප්‍රමාණයක් ඉලක්ක කරගනිමින් එල්ල කර තිබේ.

අන්තවාදි ත්‍රස්ත සංවිධානයක් විසින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *