Latestදේශීය

මගෙන් ප්‍රශ්ණ කළා නොවේ, මා උත්තර දුන්නා පමණි – කෙහෙළිය රඹුක්වැල්ල

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දිනයේ තමන් විසින් ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබා දුන් බව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ හියුමන් ඉමියුනිග්ලොබින් ප්‍රමිතියෙන් බාල එන්නත් තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

රහස් පොලිස් නිලධාරී කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් පැය තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

එහිදී අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරුන් කණ්ඩායමක්ද පෙනී සිට ඇත.

විමර්ශනවල පහසුව සඳහා තමන් සතුව තිබූ ලිඛිත හා අනෙකුත් සාක්ෂි ප්‍රමාණයක්ද විමර්ශන නිලධාරීන් වෙත ලබා දුන් බවද අමාත්‍යවරයා කියා සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කළේ තමන් විසින් බවද පරීක්‍ෂණ සිදු කෙරෙන්නේ ඒ අනුව බවද හෙතෙම තවදුරටත් කියා සිටී.

මෙවන විටත් අදාළ පරීක්ෂණ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඇතුළු ඉහත පෙලේ නිලධාරින් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *