Latestදේශීය

මැති ඇමති නිවාඩු ‌ගතකළේ මෙහෙමයි

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මේ දිනවල  විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මින් බොහෝ පිරිසක් විදේශගතව සිටින්නේ ඥාතීන් හමුවීම සහ  සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සොයා බැලීම සඳහාය.

මෙසේ විදේශගතවුණු මන්ත්‍රීවරු කීපදෙනෙක් පසුගිය දිනවල දිවයිනට නැවත  පැමිණියහ.

මේ අතර  නුවරඑළියේ සෙන්පති නිවෙස  මන්ත්‍රී බංගලාවේ  කාමර  මෙම මස 14 වැනිදා සිට ජනවාරි 1  වැනිදා දක්වා මන්ත්‍රීවරුන් විසින්  වෙන් කරගනු ලැබ  අවසන් බව මන්ත්‍රී සේවා අංශය  සඳහන් කළේය.

මේ කාලය ඇතුළත මන්ත්‍රීවරු සියයකට ආසන්න පිරිසක් එම බංගලාව වෙන් කරගෙන ඇතැයිද පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

අයවැය අවසාන ඡන්ද විමසීම පසුගිය 13 වැනිදා පැවැත්වීමෙන් පසු  කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන ජනවාරි මස 9 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේ අනුව සියලු මන්ත්‍රීවරුන්ට මාසයකට ආසන්න කාලයක නිවාඩුවක් ලැබී ඇත.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *