Latestදේශීය

ජාතික ක්‍රීඩා සංගම් 5ක් අත්හිටුවයි

ජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය ක්‍රීඩා හා යව්වන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් දෙසැම්බර් 22 දිනෙන් නිකුත්කළ අති විශේෂ ගැසට් නිවේදනක් මගින් තාවකාලිව අත්හිටුවා තිබේ.

ඒ අනුව 1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 හා 33 වගන්ති යටතේ ක්‍රීඩා අමත්‍යවරයාට පැවරි ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය ,ශ්‍රි ලංකා ජාතික රෝද සපත්තු සංගමය,ශ්‍රී ලංකා කබඩි සම්මේලනය ,ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලියාපදිංචිය මෙසේ තාවකාලිකව අත් හිටුවා තිබේ.

එමෙන්ම තාවකාලිකව එකී සංගම්/සම්මේලන පහේ පරිපාලනය හා වෙනත් කාර්යන් යථා පරිදි ඉටුකිරිම සඳහා සහ අදාළ නිලවරණයන් කැඳවා පැවැත්වීමට මෙම දෙසැම්බර් 21 දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ,රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා නිසි බලධරයා ලෙස ක්‍රීඩා අඅමාත්‍යවරයා විසින් පත්කරනු ලැබ සිටී.

– ජයරත්න ඉඳුරුවගේ

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *