Latestදේශීය

රන්තැටිය අයිති කපුවාටයි – ඒකයි ගෙදර අරං ගියේ

කතරගම දේවාලයට ලැබුණු රන් තැටිය තමන් රැගෙන ගියේ එය තමන්ට අයිති නිසා බව රුහුණු කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක මහතා සඳහන් කර ඇත.

කතරගම දේවාලයට පූජා කරන රත්රන් පඬුරු ආදිය අයිති වන්නේ කපු මහත්වරුන්ට බවද ඔහු සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් අවස්ථාවේදීය.

පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දේවාලයට පූජා කරන ලද පවුම් තිස් අටක රන් තැටිය අතුරුදහන්වීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කරන ලදී.

ඔහුව අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නියෝග කර තිබියදී දින කිහිපයක් තිස්සේ සැඟවී සිට එම කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *