ජෙරම් බන්ධනාගාරයට
(රෝෂන් තුෂාර)
ආගම්වලට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කරමින් ආගමික සංහිඳියාව පලුදු කරමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කළේ යැයි කියන ජෙරම් කිස්ටෝපර් ප්‍රනන්දු පාස්ටර්වරයා ලබන මස 03 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඊයේ (27) නියෝග කළාය .
අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඇතුළත් සීඩී පටයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය .
අන්තර්ජාතික දේශපාලනික හා ආගමික සම්මුතිවාදී පනත යටතේ අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය .
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

