Latestදේශීය

නීත්‍යානුකූල සහ නොවන ජංගම දුරකථන

ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මේනකා පතිරණ මහත්මිය වැඩිදුරටත් පවසන්නේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බවය.

ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය ටයිප් කර 1909ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත හැක.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *