තවත් කොවිඩ් මරණයක්
ගම්පහ මහ රෝහලේ දී මියගිය කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
රෝගාබාධ කිහිපයකින් පෙළෙමින් සිට ඇති අදාළ කාන්තාව ශ්වසන රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගියදා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබුණි.
කෙසේවෙතත් එහිදී ඇය අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදුව ඇති අතර ඊට පෙර සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයක දී ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ එම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ කාන්තාව පසුව මියගොස් ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක පමණ කාන්තාවක් වන අතර ඇය සමග රෝහල් ගතකළ ඇයගේ ඥාති කාන්තාවකට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඇතිවූ සංකූලතා මත මෑතක දී ගම්පහ රෝහලෙන් වාර්තා වූ පළමු මරණය මෙය බව ද සඳහන් වෙයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

