Latestදේශීය

අන්තර්ජාල මුදල් වංචාවට වැඩිපුර කාන්තාවන් ගොදුරු වන ලකුණු

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 150 ඉක්මවූ සංඛ්‍යාවක් මේ වසරේ ගතවූ කාලය තුළ ලැබී ඇති බව පරිගණක අපරාධ කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය පැවසුවාය.

ඇය පෙන්වා දෙන්නේ අනන්‍යතාව හෙළි නොකරන විවිධ පුද්ගලයින් විසින් සිදුකරන වංචනික ක්‍රියාවන්ට හසුවී සිය මුදල් හා දේපොළ අහිමි කරගත් සිදුවීම් රැසක් ඒ අතර වන බවය.

විශේෂයෙන් කාන්තාවන් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මෙවැනි වංචාවල ගොදුරු බවට පත්වී ඇති බවද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය සඳහන් කළාය.

@Adaderana


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *