විදුලිබල සේවක නිවාඩු අවලංගුයි
(යොහාන් භාසුර)
සේවා අවශ්‍යතා සහ අඛණ්ඩව විදුලි සැපයීම පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු ඊයේ (2) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ලංකාව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් සඳහා අදාළ සේවකයාගේ දෙපාර්තමේන්තුවේ පළමු ශ්‍රේණිය හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය ඇතිව නිවාඩු ලබාගත හැකි බවද නරේන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නව විදුලි පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩලයේ සේවකයන් අද සිට දින තුනක අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිත අතර එයට බලධාරීන් සතුටුදායක ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද විදුලිබල වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.
@ූූලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

