විදුලි සේවකයින් දැවැන්තම විරෝධතාවයක – කොළඹ මාර්ග ඇහිරේ
විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹ 2 පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසළ විරෝධතාවක නිතර වීම නිසා කොළඹ කොටුව දෙසට මාර්ගය අවහිරවීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
නව විදුලිබල පනතට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයන් 5000 කට අධික පිරිසක් මෙම විරෝධතාවට සහභාගි වී සිටිති. පසුගිය කාලය පුරා විදුලිබල සේවකයින් පවත්වන දැවැන්තම විරෝධතා ව්‍යාපාරය මෙය වන අතර විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති වටපිටාවක මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීම රජයට බරපතල අභියෝගයක් බව දේශපාලන විචාරකයින් පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

