තේ වගාවට අඩුමිළට පොහොර
(අංජුල මහික වීරරත්න)
මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර රජයේ පොහොර සමාගම් දෙකක වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මගින් ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙතෙක් තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ලංකා තේ මණ්ඩලය විසින් තේ වගාකරුවන් වෙත පුද්ගලික අංශයෙන් මිල දී ගැනීම සඳහා ණය මුදලක් ලබා දුන් අතර ඒ සඳහා වැඩි මිලක් ගෙවීමට තේ වගා කරුවන්ට සිදුවිය.
ඇතැම් තේ වගා කරුවන් පොහොර නොයොදා එම මුදල් වෙනත් කටයුතුවලට යොදවන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙරට තේ වගාව සඳහා වාර්ෂික පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 40,000කි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6800ක් පමණ වේ.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

