Latestදේශීය

මහනගර හදන්න සිංගප්පූරුව එයි

(නාගොඩ සුමන උදයන්ත)

මෙරට මහ නගර සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා සිංගප්පූරු සබානා ජෝරුක් සමාගමේ නිලධාරීන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

කොළඹ කේන්ද්‍ර කරගත් බස්නාහිර මහ නගර කලාපය ,ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගත් නැගෙනහිර සංවර්ධන කලාපය සහ හම්බන්තොට කේන්ද්‍ර කරගත් දකුණු සංවර්ධන කලාපය යන ආර්ථික කලාපයන් හී දැනට සකස් කර ඇති සැලැස්ම ඔවුන් විසින් සමාලෝචනය කිරීමට නියමිත බව පැවසීය.

ඒ සඳහා අදාළ නියෝජිතයන් එම ප්‍රදේශ වල සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් ඉලක්ක කරගනිමින් මෙම සැලැස්ම සකස් කරන බව පැවසීය.

දෙස් විදෙස් ආයෝජකයින්ගෙ වියාපෘති රැසක් මෙම කලාප වල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එහි කෙටිකාලීන වියාපෘති කඩිනමින් ආරම්භ කරන බව වැඩිදුරටත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *