Latestවිදේශීය

ඉරානයේ බෝම්බ ප්‍රහාරයෙන් 100කට වැඩි පිරිසක් මියයයි

2020 වර්ෂයේදී ඝාතනයට ලක් වූ ඉරාන ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ සිව්වන සංවත්සරය සැමරීම අතරතුර බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

බෝම්බ ප්‍රහාරයෙන්, පුද්ගලයන් 100කට වැඩි සංඛ්‍යාවක් මියගොස්, තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවට ඉරාන ජනමාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැති අතර, පිපිරීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නොමැති බවද ඉරාන නිලධාරීහු පවසති.

එසේම, මෙය “ත්‍රස්තවාදී ප්‍රහාරයක්” බවට ඔවුන් චෝදනා කර තිබේ..

පසුගිය වසරවලදී, රට තුළ සිවිල් වැසියන්ට හා ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාර එල්ල කර ඇති අරාබි බෙදුම්වාදීන් හා ඉස්ලාමීය රාජ්‍ය (IS) වැනි සුන්නි ජිහාඩ් කණ්ඩායම්, මෙම සිදුවීමට සම්බන්ධ බවට සැකකරන ඔවුහු වැඩිදුරටත් පවසති.

@newsi.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *