Latestදේශීය

ජනාධිපති වී සුර සැප අතහරිනවා.. ජනතා සේවකයෙක් වෙනවා – සජිත් ප්‍රේමදාස

තමන් මැතිවරණයෙන් පසු සුරසැප ජීවිත අතහැර ජනතා සේවකයෙක් ලෙස කටයුතු කරන බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එය මෙරට ඉතිහාසය වෙනස් කිරීමට පවා හේතුවක් වනු ඇති ඇතැයි ද හෙතෙම විපක්ෂ නායක කාර්යාලයේදී කියා සිටියේය.

මැතිවරණ වෙනුවෙන් සන්ධාන ගැසීමේදී අහිතකර ගිවිසුම් අත්සන් නොකරන බවත් ජයගැනීමෙන් පසු සැප ජීවිත අතහැර ජනතා සේවයට කිරීම තම ගිවිසුම බවත් ඒ මහතා පැවසීය.

සමගි ජන බලවේගය ඩීල් දේශපාලනයක් සිදු නොකරන බවත් හොරකමට දූෂණයට වංචාවට සම්බන්ධ ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඬුවම් දී හොරාකන මුදල් නැවත පවරා ගන්නා බවද ඔහු කියා සිටියේය.

තම පක්‍ෂය ගොඩනගන නව සන්ධානය ගැන විවිධ පුද්ගලයන් විවිධ මත පල කරත් එය ප්‍රතිපත්තිගරුක සන්ධානයක් බවත් ඔලුගෙඩි සෙල්ලම් තනතුරු සෙල්ලම් එහි නොමැති බවත් ඔහු තවදුරටත් පැවසුවේය.

@lanka c new


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *