Latestදේශීය

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් විකිණීමට සූදානම් – අනුර කුමාර දිසානායක

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් විකිණීමට සූදානම් කර ඇති බව ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙම රාජ්‍ය බැංකු දෙකම ලාභ ලබන බැංකු බවත් මෙවැනි සම්පත් රැකගත යුතුව ඇති බවත් දිසානායක මහතා සඳහන් කළේය.

කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

රජයේ ගිණුම් පවත්වාගෙන යන මෙම බැංකු දෙකේ ගිණුම් දෙකේ අයිරාව රුපියල් බිලියන හත්දහසක් වන බවත් පැවසුව ඔහු රුපියල් කෝටි හැට දෙදහස් පන්සීයක් අක්‍රිය ණය ලෙස තිබෙන බවත් පැවසුවේය.

ඉන් භාගයක් අය කර ගතහොත් මේ බැංකු දෙක වඩා ශක්තිමත් කළ හැකි බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

@lanka c new


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *