දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (04) පස්වරු 3.30 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙන අනතුරු ඇඟවීමේ දෙවැනි මට්ටමේ නිවේදනය බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර , ලුනුගල මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කර ඇත.
එසේම විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන අනතුරු ඇඟවීමේ පළමු වැනි මට්ටමේ නිවේදනය දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇති බව එම සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සොරනාතොට ,බදුල්ල , හාලිඇල , කන්දකැටිය , ඇල්ල , මීගහකිවුල , හල්දුම්මුල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ මහනුවර දිස්ත්‍රික්කයේ පහතහේවාහැට , පස්බාගෙ කෝරළය මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම ,නුවර එළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන නිවේදනය නිකුත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

