Latestදේශීය

පොලීසිය, දකුණු අතින් වම් අතට වෙඩි තියාගන්නා යුගයක් – ජා.ජ.බ. නීතිඥයෝ

යුද්ධය පැවති කාලයේ හෝ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලින් තවත් ආරක්ෂක අංශයක භට පිරිසකට වෙඩි තැබීමෙන් මියයාම් සිදු නොවූ බවත් “යුක්තිය” නමින් දැන් ක්‍රියාත්මක කරමින් සිටින පොලිස් මෙහෙයුම අතර වැලිගම සිදු කළ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු මියයාම බරපතළ තත්වයක් බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පෙන්වා දෙති.

ඊයේ (04) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ලේ පැලවත්තේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම නීතිඥ සංවිධානයෙන් මේ බව පෙන්වා දෙනු ලැබීය. එහිදී අදහස් පළ කළ නීතිඥ හේමක සේනානායක අවධාරණය කර සිටියේ මත්ද්‍රව්‍ය මැඩලීම අත්‍යාවශ්‍ය බවත්, එයට තම සංවිධානය කිසිසේත්ම විරුද්ධ නොවන නමුත් දැන් ක්‍රියාත්මක කරමින් තිබෙන නීතිය අයුතු ලෙස මෙහෙයවීම පිළිබඳව බරපතළ අනීතික ක්‍රියාවක් බවටත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

මෙම වෙඩි තැබීමේ ක්‍රියාව දකුණු අතින් වම් අතට වෙඩි තැබීමක් හා සමාන යැයිද යුද්ධය පැවති කාලයේ හෝ පොලිසිය විසින් පොලිසියට වෙඩි තැබීමක්, එස්ටීඑෆ් එකෙන් එස්ටීඑෆ් එකට වෙඩි තැබීමක් හෝ හමුදාවෙන් හමුදාවට වෙඩි තැබීමක් සිදු නොවූණු බවත් ජනාධිපතිවරණය සමීපවෙමින් තිබියදී රටේ ජනතාව බිය ගන්වන සුළු ආකාරයෙන් ගෙන යන මෙම ක්‍රියාමාර්ග හෙළා දකින බවත් පැවසීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *