Latestදේශීය

රෝසියාට ලංකාවේ අනුමැතිය

රුසියානු රෝසියා ගුවන් සමාගම එරට මොස්කව් සිට කොළඹ දක්වා නිශ්චිත ගුවන් ගමන් (Schedule Flights) ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය (Foreign Air Operator Certificate – FAOC) නිකුත් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කර ඇත.

විදේශීය ගුවන් සමාගමකට ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා නිකුත් කරනු ලබන සහතිකය සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත මහතා විසින් රෝසියා ගුවන් සමාගමෙහි මෙහෙයුම් සහ සැලසුම් ප්‍රධානී නිකිතා ඩොල්ගොව් මහතා (Mr. Nikita Dolgov) වෙත ප්‍රදානය කරන ලදි.

මෙම බලපත්‍රය නිකුත් කිරීමේ දී ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශිය මගීන් හට ගුවන් සුරක්ෂිතතාවයට හා ආරක්ෂාවට බාධාවක් නොවන අන්දමින් කාර්යක්ෂමව ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම වෙනුවෙන් එම ගුවන් සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය හා වැඩපිළිවෙළ පිළිබඳව ද ඉහළ අවධානයක් යොමුකර ඇති අතර එහි දී එම ගුවන් සමාගම සතු භෞතික සම්පත්, සංවිධානාත්මක ව්‍යූහය, සුදුසුකම්ලත් අත්දැකීම් සහිත මෙන්ම නිසි පුහුණුව ලත් කාර්යමණ්ඩලය, මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපාංග සහ වෙනත් සේවාවන් සැපයීමේ තාක්ෂණික හා භෞතික හැකියාව වැනි කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක්කරන්නට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන්යානා භූමි මෙහෙයුම් අංශයේ සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් කටයුතු කරනු ලබයි.

සිවිල් ගුවන්සේවා ප්‍රවර්ධන ඒකකය

@lanka c news


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *