දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක්
වසංගත රෝග විද්‍යා අංශය විසින් මාස 6ත් 9ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
එම ආයතන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ ලබන 06 වන දින තෝරාගත් දිස්ත්‍රික් 9ක් ආවරණය වන පරිදි එම වැඩසටහන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ සරම්ප වැළඳීම හේතුවෙන් දරුවෙකු දීර්ඝකාලීන සංකූලතාවලට යොමුවිය හැකි බැවින් නිසි වයස සම්පූර්ණ වීමේදී අදාළ එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවයි.
මේ හේතුවෙන් කොළඹ ගම්පහ කළුතර මහනුවර ,මාතර, ගාල්ල කල්මුණේ යන ප්‍රදේශ නවයක් මූලික කර ගනිමින් මෙම එන්නත් වැඩසටහන දියත් කිරීමට බලාපොරොත්තු වෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

