ලක්ෂ 10ක් බදු අංකය ලබාගෙන
(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10 කට ආසන්න සංඛ්‍යාවක් ආදායම් බදු අංකය ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් (4) පැවසීය.
පෞද්ගලික බදු ලිපිගොනු 204,467 ක් පමණක් පසුගිය 2022 වසරේ පැවැති බවත් පෞද්ගලික බදු ලිපිගොනු සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 10 කට ආසන්න වී ඇති බවත් එම නිලධාරියා කීය.
බදු ගෙවන සමාගම් සංඛ්‍යාව මෙම වසරේ සියයට 10 කින් පමණ වර්ධනය වී ඇති බවත් ඒ අනුව 2022 වසරේ ලියාපදිංචි සිටින බදු ගෙවන සමාගම් 73,444 පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන සිට 81,909 දක්වා ඉහළ ගොස් ඇති බව ද එම නිලධාරියා කීය.
සියලුම බදු කාණ්ඩවලට ලියාපදිංචි වීම කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

