Latestදේශීය

ලොහාන් රත්වත්තේ බන්ධනාගාරයේදී පිස්තෝලය හිසට තබා මරන්න හැදුවා – රැදවියෙක් පවසයි

බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා තමන් බන්ධනාගාර බන්ධනාගාර මැදිරියෙන් ඉවතට ගෙන දණගස්වා තම හිසට පිස්තෝලයක් තබා තර්ජනය කළ බව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවියකු විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි දී තිබේ.

දමිල ත්‍රස්ත සැකකරුවකු විසින් සාක්ෂි දෙමින් කියා සිටියේ එවකට බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාරයට පැමිණ ඔහුගේ ඉනේ තිබූ පිස්තෝලය ගෙන එය තමාගේ නළලට තබා ‘ඇත්ත කියපන්’ කියා එසේ තර්ජනය කළ බවයි.

බන්ධනාගාරයට ඇතුළු වී එහි රඳවා සිටි රැඳවියකුට ගිනි අවියක් එල්ල කර මරා දැමීමට තැත් කළේ යැයි පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂි දෙමින් එම රැදවියා මේ බව කියා සිටියේය.

2021 සැප්තැම්බර් 21 වැනිදා බන්ධනාගාර නිලධාරියකු පැමිණ සිරකුටියෙන් එළියට ගෙන මිදුලේ පෝලිම් ගැස්සූ බවත් ඒ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවූ බවත් ඔහු තවදුරටත් අධිකරණය හමුවේ පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *