Latestදේශීය

ශාන් විජයලාල් වෙනුවට සජින් වාස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පත්කොට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම තීරණය ගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප සියලු ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රීලනිප මූලස්ථානයට රැස්වුණු සියලු දිස්ත්‍රික් ශ්‍රීලනිප ක්‍රියාකාරීන් තම සහය තවදුරටත් ශ්‍රීලනි පක‍ෂයටම ලබා දෙන බව ප්‍රකාශ කොට සිටි අතර ඔවුන් ඒ්කමතිකව ප්‍රකාශ කලේ අම්බලන්ගොඩ ආසනයට වඩාත් සුදුසු සජින් ද වාස් ගුණවර්ධන මහතා බවයි.

@ Repoter


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *