චාමර සම්පත්ට ජනතා විරෝධය
නීති විරෝධි මැණික් පතල් හෑරීම නිසා පසුගිය දෙසැම්බර් 31 වෙනි දින බදුල්ල බිබිල මාර්ගයේ 19 කණුව ආසන්නයේ සිදු වූ නාය යාමෙන් අවතැන් වී සිටින ජනතාවට භාණ්ඩ බෙදාදීමට ගිය නියෝජ්‍ය ඇමති චාමර සම්පත් දසනායකට හකුලාගෙන යාමට සිදුවී තිබේ.
පසුගිය 03 වෙනි දින නියෝජ්‍ය ඇමති දසනායක හොප්ටන් විග්නේෂ්වරා විදුහලට ගොස් එහි සිටින ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ බෙදාදීමට සූදානම් වී ඇත. එහෙත් එම භාණ්ඩ ලබා ගැනීමට ඉදිරිපත් නොවූ අවතැන් ජනතාව තමන්ට අවශ්‍ය වී තිබෙන්නේ භාණ්ඩ ලබා ගැනීම නොව නීති විරෝධී මැණික් පතල් හෑරීම නවත්වා ආරක්ෂාකාරීව නැවත පදිංචිවීම බව ප්‍රකාශ කරමින් විරෝධය පළ කර ඇත.
මේ හමුවේ වියරු වැටුණු නියෝජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක ඒ වනවිට බෙදා දී තිබූ ආහාර ද්‍රව්‍ය ද බලහත්කාරයෙන් ආපසු උදුරා ගනිමින් පලා ගොස් ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

