ධම්මික ජනාධිපති නාමල් අගමැති – උදයංග වීරතුංග
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වනවාට මහින්ද රාජපක්ෂ මහතා කැමති නැති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරා මහතාත් අග්‍රාමාත්‍ය අපේක්ෂ ලෙස නාමල් රාජපක්ෂ මහතාත් නම් කරනු ඇති බවද ඔහු කියා සිටී.
ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති ලේකම්වරයා ඉවත්කර ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයට පත්කරන බවද ඔහු පවසයි.
ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් මහ මැතිවරණය පවත්වන්න බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිටත් කැමති කරගෙන ඇති බවද ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

